ඡන්දෙට බරටම වියදම් කරයි

ඡන්දෙට බරටම වියදම් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් හැදීමට යෝජනා කරන්නේ මෙවර මහමැතිවරණය ජය ගැනීමට නොහැකි නිසා යැයි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රීලනිප මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

තවද, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි පෙඩරල් විසඳුමක් ඔවුන් අපේක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ ‍මෙම පක්ෂ අතර යම් යම් එකඟතා ඇති බව යැයි හෙතෙම පෙන්වාදුන්නේය.

එසේම මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ අයට රුපියල් මිලියන දෙකහමාර බැගින් ලබාදී ඇති බවද එසේ මුදල් ලබාදුන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන බවද ඔහු පැවසීය.

බැඳුම්කර ගනුදෙනුව ගැන මේ නිසා සැකයක් මතුවන බවද පැවසූ අත්තනායක මහතා සන්ධානය හා එජාපය පළකරන වෙළඳ දැන්වීම්වලින් එය පැහැදිලි වන බවද කියා සිටියේය.

Share this: