ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ අඩාළ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා විසින් බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී. සෙසු පක්ෂවල මතය ද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරිමට හේතු වූ බව ඔහු පෙන්වා දෙයි.
මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බවත් මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවූවක් බවත් වික්‍රමසිංහ මහතා කියයි.
Share this: