චීන – ශ්‍රී ලංකා ව්‍යාපෘති ජනතා යහපතට – චීන සහකාර විදේශ ඇමති

චීන – ශ්‍රී ලංකා ව්‍යාපෘති ජනතා යහපතට – චීන සහකාර විදේශ ඇමති

srilanka-china-
හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි චීන – ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාශ කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා ව්‍යාපෘති වලට බාධා සිදුවීමට ඉඩ නොහැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය .

චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ මේ අදහස් දක්වා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ජාවකදීයි.

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අවසරය ලැබෙන බව රජය ඊයේ, බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

Share this: