චීනය විසින් ආරම්භ කළ වරාය ව්‍යාපෘතියේ අත්හිටුවීමට රජය තීරණය කිරීමත් සමගම, චීන ආයෝජකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර අති බව වාර්තාවේ.
එනම්, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන චීන සමාගම් සහ චීන ආයෝජකයින්ගේ මේ වනවිට ආරම්භ කර තිබෙන ආයෝජන ආරක්ෂා කර දෙන ලෙසයි.
එරට වාණිජ අමාතයාංශ මාධ්‍ය ප්‍රකාශක ෂෙන් ධන්‍යාන්ග් මහතා පවසන්නේ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රශ්නය විසඳා ආර්ථික හා වෙළෙඳ සබඳතා සංවර්ධනය සඳහා පවතින නීතිය අනුව චීන ආයෝජකයින්ගේ අවශ්‍යතාතා ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බවයි.
එරට මාසික මාධ්‍ය හමුවකදී ඔහු පැවසීයේ, චීනය ශ්‍රී ලංකාව සමඟ ඇති ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම වැදගත් ලෙස දකින බවයි.
ශ්‍රී ලංකා රජය බිලියන 1.5 වටිනා චීන ව්‍යාපෘතිය අත්හිටුවන බව මීට පෙර මාසයේදී නිවේදනය කළ බවත්, චීන ඉදිකිරීම් සමාගම විසින් හසුරුවන වරාය ඉදිකිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ ආරම්භ කරන කළ බවත් ඔවුන් පවසයි.
එමෙන්ම මෙමඟින් 83,000ක දේශීය ජනතාවකට රැකියා නිර්මාණය වී ඇති බවද ෂෙන් ධන්‍යාන්ග් මහතා පවසි.
වාණිජ අමාතයාංශ මාධ්‍ය ප්‍රකාශක ෂෙන් ධන්‍යාන්ග් මහතා පවසන්නේ, චීනය ශ්‍රී ලංකාවේ සිදු කළ සෑම ආයෝජනයක්ම සිදු කළේ දෙරටෙහිම සුභ සිද්ධිය සඳහා බවයි.