චීනය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී සමීපව ක්‍රියාකරන බවට ප්‍රකාශයක්

චීනය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී සමීපව ක්‍රියාකරන බවට ප්‍රකාශයක්

ඊයේ  (27) පස්වරුවේදී බීජිං නුවරදී  මංගල සමරවීර මහතා හා චීන අගමැති ලී චින් චෑන් මහතා සමඟ පවත් උණු සාකච්ඡාවේදී අගමැති ලී චින් චෑන් මහතා පවසා අතේ ඉදිරියේදී ලංකාව සමගඉතා සමීපයෙන් ක්‍රියාකරන බවය.

ශ්‍රී ලංකාවට තම රටේ වැදගත් ස්ථානයක්  හිමිවන බවද , දෙරට අතර දිගු කලක් තිස්සේ පැවතුණු මිතුදම ඉදිරියරටත් එය දෙරටටම සුභදායිවනු ඇතැයි ද චීන අගමැති මෙහිදි පැවසීය.

ඉදිරියේදීත් දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ක්‍රියාකිරීම චීනයේ අපේක්ෂාව සහ චීන ආයෝජන සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් වඩා හිතකර අවස්ථාවක් උදාවනු ඇතැයි චීන අගමැතිවරයා බලාපොරොත්තු පල කළේය.

අසල්වාසි රාජ්‍ය්‍යන්හි සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ආරක්ෂාව මෙන්ම සංවර්ධන අභියෝග ජයගැනීමට අවශ්‍ය සහාය ලබාදෙමින් ක්‍රියාකිරීම චීනයේ අරමුණවී තිබේ.

දෙරටේ ද්වීපාර්ශවීය සහයෝගීතාව නව රජය යටතේ නව අදියරට පැමිනෙනු ඇතැයි ද ඒම මහතා සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ  මංගල සමරවීර මහතා කියාසිටියේ ඉදිරියේදී චීනය සමඟ මනා සහයෝගයෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බවයි.

Share this: