පරිසරවේදීන් කිහිප දෙනෙකුගේ විරෝධතා මධ්‍යයේ දිවයිනෙන් “ටොක් මැක්කා වඳුරන්” 100,000 ක් ආනයනය කරන ලෙස චීනය කළ ඉල්ලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ තහවුරු කළේය.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමරසිංහ කියා සිටියේ සත්වෝද්‍යානවලට සම්බන්ධ පෞද්ගලික සත්ව අභිජනන චීන සමාගමක් තම අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි.
“අපි මුළු 100,000 ම එක ලොට් එකකින් යවන්නේ නැහැ. නමුත් වඳුරන් නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වගා හානි හේතුවෙන් එම ඉල්ලීම සලකා බැලුවා. ඒවා සංරක්ෂණය කළ ප්‍රදේශවලින් ගන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ වගා කරන ප්‍රදේශවලට පමණයි, ” ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Share this: