චීනය කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු චීනයෙන් වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටියන්ට නිවෙස් බලා ගොස් එන්නත් ලබාදීමට බලධාරීන් කටයුතු කර තිබේ.
චීන ජනගහනයෙන් 90% කට වඩා එන්නත් කර ඇතත්, බූස්ටර එන්නත ලබා ගත්තේ වැඩිහිටියන්ගෙන් 57.9% ක් පමණි.
ලොක්ඩවුන් ඉවත් කිරීම සහ කොවිඩ් පරීක්ෂණ සීමා කිරීම වැනි සීමාවන් ලිහිල් කිරීමෙන් මරණ මිලියනයකට වඩා වාර්තා විය හැකි බව රජය පැවසීය.
මේ අතර, කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් බලධාරීන් ෂැංහයි හි පාසල් වසා දැමීය.
මෙම පාසල්වල ගෘහස්ථ ක්‍රීඩාගාර වෛද්‍ය සායන බවට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Share this: