ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට වඩාත් සහනදායී විසඳුමක් ලබාදීමට උත්සාහ නොකර චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් ඇති කිරීමට ඇමෙරිකාව උත්සාහ කරන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය චෝදනා කරයි.
දීර්ඝ කාලයක සිට චීනය මුල්‍ය ඇපකර ලබාදී නොමැති බවට මෙරට ඇමෙරිකානු තානාපතිවරිය විසින් කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉහත චෝදනා එල්ල කළේය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් බීබීසීයට කළ ප්‍රකාශය කොළඹ චීන තානාපති කාර්යාලය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදල්වලින් ණය ලබාගැනීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ චීනය බව ඇමෙරිකානු තානාපතිනිය බීබීසී වැඩසටහනකදී ප්‍රකාශ කළේය.
Share this: