චීනයේ අර්බූදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අඩුවෙයි!

චීනයේ අර්බූදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අඩුවෙයි!

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබෙන්නේ ලොව විශාලතම ඉන්ධන ඉල්ලුම්කරු වන චීනය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙනි.

ඇමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසට WTI බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන්ව තිබුණේය.

එය ඩොලර් 2.17ක පෙර දිනයට සාපේක්ෂව පහළ යෑමකි.

වාර්තා වන පරිදි පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම මිල ද මෙය වේ.

Share this: