චීනයෙන් මෙරට පාසල් දරුවන්ට නිලඇඳුම්!

චීනයෙන් මෙරට පාසල් දරුවන්ට නිලඇඳුම්!

2023 පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවලින් 70%ක් සපුරාලමින් චීන රජයෙන් රෙදි ප්‍රදාන මීටර් 8,862,990ක් රටට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති Hu Wei මහතා විසින් 01/13 වැනිදා කොළඹ වරායේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත රෙදිපිළි නිල වශයෙන් භාරදෙන ලදී.

සිසුන්ට සෘජුවම ලබා දීම සඳහා රෙදි කපා, ඇසුරුම් කර ලේබල් කර ඇති රෙදිවලින් 1/3ක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ලැබී ඇති අතර ඉතිරිය නුදුරු අනාගතයේදී ලැබෙනු ඇත.

Share this: