චිලී ඇන්ඩීස් ප්‍රදේශයේ ගිනි කන්දක භූ කම්පනයක් හටගෙන තිබේ.
චිලී ජාතික භූ විද්‍යා හා පතල් ආයතනය වාර්තා කළේ මෙම භූමිකම්පාව චිලී හි ලාස්කාර් ගිනිකන්දට බලපෑ බවයි.
භූමිකම්පාවෙන් පසුව, ගිනි කන්දෙන් දුමාරය සහ අළු මීටර් 600 ක් පමණ ප්‍රදේශයකට පැතිර ගියේය.
ඒ හේතුවෙන් මෙම ගුවන් යානාවලට අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share this: