චාල්ස් රජුට සුබපැතූ ජනපති රනිල්

චාල්ස් රජුට සුබපැතූ ජනපති රනිල්

සිකුරාදා (මැයි 05) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක් ලන්ඩන් නුවරදී කැඳවා තිබූ අතර, IIIවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහි පැමිණ සිටියහ.

මෙම උත්සවය අතරතුරදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තුන්වන චාල්ස් රජු වෙත සිය සුභාශිංසන පළ කළ අතර සුහද කතාබහක ද නිරත විය. ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

තරුණ සහභාගීත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම මෙම රැස්වීමේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඩිජිටල්කරණය හරහා සම්බන්ධතාවය ශක්තිමත් කරන ලෙස ද ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, ඝානා ජනරජයේ ජනාධිපති Nana Addo Dankwa Akufo-Addo සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීය.

Share this: