චන්ද්‍රිකා නොකළේ හොරකම, වංචාව සහ දූෂණය – ජනාධිපති

චන්ද්‍රිකා නොකළේ හොරකම, වංචාව සහ දූෂණය – ජනාධිපති

දැන් සමහරු අහන ප්‍රස්නයක් තමයි, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරිය ලෙසත්, බණ්ඩාරනායක පවුල මේ රටට කළේ මොනවාදැයි යන්න.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, නොකළේ හොරකම, වංචාව සහ දූෂණය පමණක් බවත්ය.

ඊයේ (05) පස්වරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සව සභාව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නායකත්වය දැරූ යුගයේදී පක්ෂය තුළ ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේදී සෑම කෙනෙකුගේම මතයට කන්දීමට එතුමිය නිහතමානී වූවා සේම තමාගෙන් යම් අඩුපාඩුවක් වී නම් පසුව ඒ බව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

Share this: