මෙවර පාසල් වරයා තුල යාමට නියමිතව ඇති පාසල් අධ්‍යාපන චාරිකා යාමට නොහැකි වන සේ කටයුතු යෙදී ඇත.
එනම් රජයේ පාසල් වල මුදල් අය කිරීම වළක්වමින් නිකුත් කළ චක්‍රලේඛය නිසා අධ්‍යාපන චාරිකා සඳහා ද ළමුන්ගෙන් මුදල් එකතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා ගුරු සේවා සංගමය තම කණස්සල්ල පළකරයි.
අදාළ චක්‍රලේඛය මගින් මුදල් එකතු කිරීමට අදාළ රෙගුලාසි පැහැදිලිව සඳහන් නොකිරීම මීට හේතුව බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පෙන්වාදෙයි.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
Share this: