පන්නල – මුතුගලයාගම, වේල්ලපල්ල ප්‍රදේශයේදී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ, පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බව පොලිසිය පවසයි
වේල්ලපල්ල හන්දියේදී ඊයේ(10) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසු අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා දීර්ඝ කාලයක සිට විවාහක කාන්තාවක සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමට උත්සහ දරා ඇත.
තවද එම කාන්තාව ඊට අකමැත්ත ප්‍රකාශ කිරිම හේතුවෙන් ආරවුලක් ඇති වී තිබේ.
ඒ අනුව මෙම ඝාතනය සිදු කළ බවට සැකපිට එම කාන්තාව, ඇයගේ මව, පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
Share this: