ඝාතකයා තවමත් නිදැල්ලේ!

ඝාතකයා තවමත් නිදැල්ලේ!

පසුගිය දිනක කාන්තාවක් ඝාතනයට ලක් කර ගමන් බෑගයක අසුරා පිටකොටුව පුද්ගලික බස් නැවතුම්පළේ දමා ගොස් තිබූනි.

නමුත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ අදාළ කාන්තාව රැඳී සිටි බවට සැලකෙන ලැගුම්හලේ සී.සී.ටීවී දර්ශන අනුව විමර්ශන සිදු කරන බවයි.

තවද කිසියම් පුද්ගලයෙකු අදාළ ගමන් බෑගය ලැගුම්හලෙන් පිටතට රැගෙනයන ආකාරය සී.සී.ටීවී කැමරා දර්ශනවල ඇතුළත් වී ඇති අතර, ඇය දින කිහිපයක් තවත් පුද්ගලයෙකු සමග එම ලැගුම්හලේ රැදී සිට ඇති බව වාර්තා‍ වේ.

මේ අතර අදාළ මළ සිරුර සහිත ගමන් බෑගය බස් නැවතුම්පළට රැගෙනවිත් දමා යන අවස්ථාව දක්වා කිසිදු තොරතුරක් මෙතෙක් පොලිසියට වාර්තා වී නොමැත.

කොළඹ ආරක්ෂාව සඳහා 2010 වසරේ සිට සී.සී ටීවී හෙවත් සමීප රූප අවේෂණ කැමරා පද්ධති ස්ථාපිත කර තිබුණ ද අදාළ බස්නැවතුම්පල ප්‍රදේශය එමගින් ආවරණය නොවන බව පොලිසිය පැවසුවේය.

කොළඹ නගරයේ සුවිශේෂ ස්ථාන 27 ක ආරක්ෂක කැමරා 105 ක් ක්‍රියාත්මක වන අතර 24 පැය පුරා එම ලැබෙන දර්ශන අධීක්ෂණය සදහා පොලිසියේ වෙනම ඒකකයක් ද ස්ථාපිත කර ඇති අතර, අපරාධකරුවන් හඳුනාගැනීම, රථවාහන පාලනය, ප්‍රභූ ආරක්ෂක කටයුතුවලදී එම කැමරා පද්ධතියෙන් ලැබෙන තොරතුරු යොදා ගන්නා බව පොලිසිය පවසයි.

Share this: