ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීම තහනම් කෙරෙන නියෝගයක්!!!

ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීම තහනම් කෙරෙන නියෝගයක්!!!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටවීම තහනම් කෙරෙන නියෝගයක් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇත.

‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගම විසින් පවත්වා ගෙන යන ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අතරවාරයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා රටින් පිටවීම අත්හිටවන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය පනවා ඇත.

හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කලමණාකරන අධ්‍යක්‍ෂ මංජුල යාපා යන යට මෙම නියෝගය පනවා ඇති බව සඳහන් වේ.

Share this: