‘ගෝඨාගෝගම’ ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කිරීම වැළැක්වීමේ නියෝගයක්

‘ගෝඨාගෝගම’ ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කිරීම වැළැක්වීමේ නියෝගයක්

‘ගෝඨාගෝගම’ විරෝධතා ප්‍රහාරයට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යවන ලද ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම ලිපිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සහ එස්ඩීඅයිජී තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය තවත් අතුරු නියෝග දෙකක් ද නිකුත් කළා.

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත්තේ SDIG තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

Share this: