ගෝඨාගේ වැඩ ගැන විගණනයක් කරන්න නිලධාරීන් කණ්ඩායමක්ම පත් කරයි!

ගෝඨාගේ වැඩ ගැන විගණනයක් කරන්න නිලධාරීන් කණ්ඩායමක්ම පත් කරයි!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා  ප්‍රකාශ කරයි.

මෙම විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගන්නා බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යෑම, ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ප්‍රමාද වීමයනාදී කරුණු සම්බන්ධයෙන් මෙම විගණනයේදි තොරතුරු සොයා බැලෙනු ඇත.

Share this: