ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට රනිල් එන්න කියයි!

ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට රනිල් එන්න කියයි!

පසුගිය ජුලි මාසයේ ඇතිවූ කලබල හේතුවෙන් ගෙවල් ගිනි ගැනීම් සිදුවූ මන්ත්‍රීවරුන් 74 දෙනා හට 12 වෙනිදා පස්වරුවේ සාකච්ජාවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.

12 වෙනිදා සවස 4ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තවමත් මෙම නිවාස ගිනිබත් වූ මන්ත්‍රීවරුන් හට නිසි වන්දි මුදලක් ලබා දී නොතිබීම හේතුවෙන් සහ ඊට සම්බන්ධ වගකිවයුත්තන්ට දඩුවම් ලබා දීමට කටයුතු ‌කොට නොතිබීම හේතුවෙන් මෙම රැස්වීමට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් අතර මේ වනවිට සංවාදයක් ඇති වී ඇත.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව 12 වෙනිදා පෙරවරුවේ ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

යම් හෙයකින් එම රැස්වීමට සහභාගී වීමට තීරණය කළහොත් එහිදී අදාළ කටයුතු සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කිරීමට දැනටමත් මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව සදහන් වේ.

Share this: