ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරු 74කට රනිල් එන්න කියද්දී ආවේ 34යි!

ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරු 74කට රනිල් එන්න කියද්දී ආවේ 34යි!

පසුගිය මාස වල ඇතිවූ කලබලවලින් නිවාස ගිනිබත් වූ මන්ත්‍රීවරුන් 74 දෙනකුට විශේෂ සාකච්ජාවක් සදහා ඊයේ(12) සවස පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කොට තිබිණ.

මෙම සාකච්ජාවට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ සවස් වරුව වනවිට පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර දෙගිඩියාවක් පැවැති අතර ඊයේ පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබිණ.

ඊයේ පෙරවරුව වනවිට මන්ත්‍රීවරුන් 44 දෙනකු එම රැස්වීමට සහභාගී වන බවක් තහවුරු කොට තිබූ බව දැනගන්නට තිබේ.

නමුත් සවස පැවැති රැස්වීමට සහභාගී වී තිබුණේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පමණි.

මෙම සාකච්ජාවේදී සිදුව ඇති නිවාස හානි පිළිබදව සාකච්ජා කොට හානි පූරණ සදහා අවශ්‍ය පෝරම පුරවා බාර දෙන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම වන්දි මුදල් පාර්ලිමේන්තුව මගින් අනුමත කොට ලබා දීමට පියවර ගන්නා බව සදහන් කොට ඇත.

Share this: