ගෙදර පේන මානයේදී තාත්තාවයි දියණියවයි මෝටර් රථයකට වැදී මියයයි!

ගෙදර පේන මානයේදී තාත්තාවයි දියණියවයි මෝටර් රථයකට වැදී මියයයි!

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පියා සහ 14 හැවිරිදි දියණියක මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි.

කල්එලිය මීරිගම පදිංචිව සිටි වයස 54ක් වූ චන්දන නිශාන්ත  මහතා සහ වයස 14ක් වූ නෙවින්දි දිල්ෂිකා දැරියයි.

නෙවින්දි දිල්ෂිකා දියණිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් ගෙන ආසන්නයේ වූ නිවස කරා යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පගෙන නොනවත්වා පලා ගොස් ඇත. පොලිසිය ප්‍රකාශ කලේ කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share this: