ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් මිල ඉදිරි දින කිහිපය තුළ අඩු කිරීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට එක්වෙමින් රත්නායක මහතා අවධාරණය කළේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් QR කේත ක්‍රමය මත ඉන්ධන නිකුත් කිරීම නවතා දැමීමට ද කටයුතු කරන බවයි.
තවද, දැනට පවතින ආනයන සීමා ලිහිල් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
70%ක්ව පැවති රටේ උද්ධමනය මේ වන විට 35% දක්වා පහත දමා ඇති බව පෙන්වා දුන් රත්නායක මහතා, මේ වසර අවසන් වන විට එම අගය තනි ඉලක්කමකට ගෙන ඒමට අපේක්ෂා කරන බවද පැවසීය.
Share this: