ගූගල් ලූන් හරහා ශ්‍රි ලංකාවටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

ගූගල් ලූන් හරහා ශ්‍රි ලංකාවටම නොමිලේ අන්තර්ජාල පහසුකම්

Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් වන ගුගල් ලූන් හරහා සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමේ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත. මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සදහා ගුගල් ආයතනය සමග ගිවිසුමක් අද (28) දින අත්සන් කෙරෙන බව විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටියි.ඒ වෙනුවෙන් ගූගල් සමාගමේ සභාපතිවරයාද ලංකාවට පැමිණියේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ද ගූගල් සමාගම මේ සදහා උත්සාහ දැරැවත් සිදු වු දේශපාලන අතපෙවීම් හේතුවෙන් එය අතහැර දැමු බව පැවසේ.

මේ සමග ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වේ. මෙය තොරතුරැ තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තැබු විප්ලවීය වෙනසක් වනු ඇතැයි විද්වතුන්ගේ අදහසයි.

Share this: