විවිධ රටවල් දෙකකට ගමන් කිරීම සඳහා ගුවන් තොටුපලේදී ඔවුන්ගේ ගමන් බලපත්‍ර හුවමාරු කර ගත් බව කියන විදේශිකයන් දෙදෙනෙකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් ඒජන්සිය බ්‍රහස්පතින්දා වාර්තා කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජර්මනියේ පුද්ගලයන් දෙදෙනෙකි. මෙම සිදුවීම සඳුදා මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදුවී ඇති බව වාර්තාවේ.
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ගමන් කළ ශ්‍රී ලාංකික පුරවැසියා සහ ජර්මානු ජාතිකයා ලන්ඩන් සහ කත්මන්ඩු වෙත යාමට ගුවන් තොටුපළේ වැසිකිළියක් තුළ ඔවුන්ගේ ගමන් බලපත්‍ර හුවමාරු කර ගෙන ඇත.
Share this: