ගීතාගෙන් බිස්කට්

ගීතාගෙන් බිස්කට්

කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

යෝජිත වැඩසටහන යටතේ පෙර පාසල් දරුවන් සඳහා පෝෂණයෙන් සපිරි බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බව කුමාරසිංහ මහත්මිය පෙන්වා දෙනවා.

ඊට අදාළ වැඩපිළිවෙළ ලබන මාසයේ ආරම්භ කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, දරුවන්ට බිත්තර වැනි පෝෂණීය ආහාර වේලක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අඩු මුදලට ලබාදීමට ද කටයුතු කරන බව සඳහන් කළේය.

“පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණීය බිස්කට් වර්ගයක් ලබාදීමේ නව වැඩපිළිවෙළක් අපි දියත් කරන්න යනවා. අපි මේ වනවිට ඒ සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතින අතර ලබන මාසයේ සිට එම බිස්කට් දරුවන්ට බෙදාදීමට නියමිතයි.

ඊට අමතරව දරුවන්ට බිත්තර වැනි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මුදලට ලබාදීමට පියවර ගන්නා බවද ඇය පැවසුවාය.

Share this: