ගිරිඋල්ලේ ගිනිකෙළි කඩයක් ගිනි ගනී

ගිරිඋල්ලේ ගිනිකෙළි කඩයක් ගිනි ගනී

ගිරිඋල්ල ප්‍රදේශයේ උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව සකස් කර තිබූ ගිනිකෙළි කඩයක් ගිනිගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ගින්නෙන් සම්පූර්ණ ගිනිකෙළි තොගයම විනාශ වී ඇති බවත්, ප්‍රශ්නගත වෙළෙඳසැල දෙපස තිබූ තවත් වෙළෙඳසැල් දෙකකට ද හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති බව තහවුරු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this: