ගිරවු 18 සමග අයෙකු අත්අඩංගුවට

ගිරවු 18 සමග අයෙකු අත්අඩංගුවට

පසුගිය (02) පස්වරුවේ බේරුවල, හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ, පොලිසිය සිදු කළ වැටලිමකින් සත්ව හිංසාව ඇති වන පරිදි ගිරවු අලෙවි කිරිම සදහා ප‍්‍රදර්ශණය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරු වයස අවුරුදු 37ක් වන අතර බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මෙම සැකකරු සමග ගිරවුන් 18දෙනෙකු දැල් කූඩු 02ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ (03) දින කලුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Share this: