වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය හැර ගිය පුද්ගලයින් යළි පක්ෂයට නොගන්නා බවයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ විවිධ පෞද්ගලික වාසී සඳහා බොහෝ පිරිසක් පක්ෂය හැර ගිය බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කළේය.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහෝ පිරිසක් මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පාර්ලමේන්තු මැතිවරණයට ඉදිරිපත් විමට ඉල්ලීම් කර ඇති බව කිරිඇල්ල මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Share this: