ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය යයි

ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය යයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමග නායගොස් තිබෙනවා.

තවදුරටත් එම ස්ථානයේ නායයාමේ අවධානමක් පවතින නිසා නායගිය ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට සිමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share this: