ගිනිගත්හේනේ නායයෑමක්

ගිනිගත්හේනේ නායයෑමක්

ඊයේ (05) පස්වරුවේ අඹගමුව ප‍්‍රාදේශීය සභා කාර්යාල භූමියේ නායයෑමක් සිදුවී තිබේ.

ගිනිගත්හේන ප‍්‍රදේශයට ඊයේ (05) ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග අදාළ නායයෑම සිදුවී ඇති බව සඳහන්ය.

ඊයේ 5.00 ට පමණ මෙම නායයෑම සිදුවී ඇති අතර කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ ගලී ට‍්‍රැක්ටරය පහළ තිබූ මාර්ගයට පෙරළී ඇති අතර නවතා තිබූ මෝටගේඩර් යන්ත‍්‍රයද පෙරළි ඇත.

මීට පෙරද අඹගමුව ප‍්‍රාදේශීය සභා භූමිය නායයෑමට ලක්වී තිබූ බව සඳහන්වේ.

මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

Share this: