ගිනිගත්හේනේදී එස්. බී. ගේ රථ පෙළ අවහිර කළ පිරිසට වෙඩි දෙදෙනකුට තුවාල

ගිනිගත්හේනේදී එස්. බී. ගේ රථ පෙළ අවහිර කළ පිරිසට වෙඩි දෙදෙනකුට තුවාල

ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේ ඊයේ (06) පැවැති රැුස්වීමක් අවසන් කර යමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් ගමන් ගත් රථ පෙළ අවහිර කළ පිරිසක් වෙත මන්ත‍්‍රීවරයාගේ ආරක්‍ෂකයන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා ගමන් කරමින් සිටි රථය අවහිර කිරීමට අදාළ පුද්ගලයන් උත්සාහ ගැනීමත් සමඟ ඒ මහතාගේ ආරක්‍ෂක රථයක සිටි පොලිස් නිලධාරියකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පැවසේ.

වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනා නැලිගම රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියත් සමඟ ප‍්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර පසුව පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබිණි.

අදාළ වෙඩි තැබීම ජනාධිපතිවරණ සමයේ සිදුවූ පළමු වෙඩි තැබීම ලෙස වාර්තා වූ අතර සිද්ධියට සම්බන්ධ පිරිස් සොයා ගිනිගත්හේන පොලිසිය විමර්ශන සිදුකරයි.

Share this: