ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල

ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල

හදිසි ගින්නක් නිසා දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ වෙළඳසැලක පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

දියතලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි.

වෙළෙඳසැලේ දල්වා තිබු පහනකින් ඒ අසළ තිබු පෙට්‍රල් ගැලුමකට ගිනි ඇවිලීමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදි වෙළෙඳසැල් හිමිකරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share this: