ගිංතොට මුහුදු තීරයේ අවසන් ගමන් ගිය පාසල් සිසුන් දෙදෙනා!

ගිංතොට මුහුදු තීරයේ අවසන් ගමන් ගිය පාසල් සිසුන් දෙදෙනා!

11/08 පස්වරුවේ දියේ ගිලීමෙන් ගිංතොට පල්ලිය අසල මෝය කට ආශ්‍රිත මුහුදු තීරයේ පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇති බව ගාල්ල පොලීසිය ප්‍රකාශ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 සහ 15 යන වයස්වල පාසල් සිසුන් දෙදෙනෙකි.

දිය නෑමට සිසුන් හතර දෙනකු ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු මෝය කට ආශ්‍රිතව ඇති වළක වැටී ගිලි ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඉන් එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර අනෙක් සිසුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Share this: