වෙනත් රටකට යාමට උත්සාහ කිරීමේදී බෝට්ටුවක් ගැඹුරු මුහුදේ දී අනතුරට ලක්වීමෙන් බේරාගෙන වියට්නාමයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.
විදේශ අමාත්‍ය අලි සබ්රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ 304 දෙනාගෙන් 152 දෙනෙකු නැවත රටට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සහය වීමට ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය එකඟ වූ බව අමාත්‍යවරයා පැවසීය.
Share this: