ගැබිණි මවුවරුන්ගේ 20,000 මාස 10කින්

ගැබිණි මවුවරුන්ගේ 20,000 මාස 10කින්

අතුරු වැයෙන් යෝජනා කළ ගැබිණි මවුවරුන් සඳහා රුපියල් 20,000ක් ලබාදීම මසකට රුපියල් 2,000 බැගින් මාස 10ක් ඇතුළත ලබාදෙන බවද ඇමතිවරයා කියා සිටියේය.

තවද රාජිත සේනාරත්න මහතා පැවසුයේ, ගැබිණි සමයේ අවසන් මාස 6 සහ ළමයා බිහිවීමෙන් පසු මාස 4 වශයෙන් සලකා මසකට රුපියල් 2,000 බැගින් එම මුදල ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ වගේම පසුගිය ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ළඟ තවමත් වාහන 20ට වඩා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (05)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කියා සිටියේ හිටපු ඇමතිවරුන් විසින් භාවිතයට ගනු ලැබූ තවත් වාහන 300ට අධික සංඛ්‍යාවක් තවමත් බාරදී නැති බවයි.

එසේම පසුගිය රජ‍යෙන් ක්‍රියාත්මක කළ සමහර මහා මාර්ග ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයිද ඔහු කියා සිටියේය.

දකුණු පළාතේ ආර්.එන්.ජී නමින් ප්‍රසිද්ධ කොම්පැණියකට වැඩිපුර කොන්ත්‍රාත් ලබාදී ඇති බවත්, එම කොන්ත්‍රාත් සමාගමේ නම ලියාපදිංචි කර ඇත්තේ හිටපු ප්‍රධාන දේශපාලනඥයෙකුගේ කුස්සියේ වැඩකරන කෙනෙකුගේ නමින් බවද ඒ මහතා පැවසීය.

මේ ගොල්ලෝ කවුද කියා සහ කළ නීති විරෝධී වැඩ ගැන නොබෝ දිනකින් නම් ගම් සහිතව හෙළිකරනවා, යැයි ඇමතිවරයා කියා සිටියේය.

තවද දැනට වැඩ නවතා ඇති මාර්ග ව්‍යාපෘති 3ක වැඩ යළි ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

Share this: