ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල වන කාසල් වීදියේ කාන්තා රෝහලේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය රුධිර ප්‍රතිකීයක නොමැති වීම නිසාවෙන් රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඉතිහාසයේ පළමු වතාවට මෙසේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.
පසුගිය 14 සහ 15 යන දෙදින කිසිදු පූර්ණ රුධිර පරීක්ෂණයක් රෝහල තුළ සිදුව නැති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් එයට අදාල ලිපියක් රෝහලේ සියලුම අභ්‍යන්තර අංශ වෙත යොමු කොර ඇත.
මෙම නිසාවෙන් රෝහලේ සිටින ගර්භණී මව්වරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.
Share this: