ගාලුමුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් තහනම්

ගාලුමුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් තහනම්

මහජනතාවට විවේකීව කාලය ගත කිරීම සඳහා පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් යටතේ ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රු. මිලියන 220 කි.

අප්‍රේල් 18 වැනිදා පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේ ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරයේදී හානියට පත් දේපළ පිළිසකර කිරීමට පමණක් වැය කළ මුළු මුදල රුපියල් මිලියන 6.6 ක් පමණ වූ බවයි.

Share this: