පානදුර දකුණ උයන්කැලේ, ප්‍රදේශයේ නිවසක තිබී මිනිස් හිස් කබල් දෙකක් සොයා ගෙන ඇත.
මගේ නැගණියන් දෙදෙනා අදාළ නිවසේ පදිංචිව සිට ඇති බවත් මොවුන් බැලිම සදහා මෙම නිවසට පැමිණ බැලිමේදි හිස් කබල් දෙකක් දුටු බවටත් පානදුර අටකලම්පන්න රක්වාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පුද්ගලයෙකු පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබේ.
තවද ඒ අනුව පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකර සොකෝ නිලධාරින් සහ අධිකරණ වෛද්‍ය නිලධාරින් කැඳවා වැඩි දුරටත් පරීක‍්ෂා කිරීමේදී මෙම හිස්කබල් සමග ඉතිරි අස්ථී දියවීගිය මෘතශරීර දෙකක් ඇති බවට අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පත්මා ප්‍රනාන්දු නැමති වයස අවුරුදු 72ක කාන්තාවක් සහ මල්ලිකා ප්‍රනාන්දු නැමති වයස අවුරුදු 70ක සහෝදරියන් දෙදෙනෙක් බව පැවසේ.
තවදුරටත් අනාවරණය වෙන්නේ මරණකාරියන් දෙදෙනා පමණක් මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර කිසිදු අසල් වැසියෙකුගේ ඥාතියෙකු සමග සබඳතාවයක් නොපවත්වමින් සිට ඇතිබවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක‍්ෂණ අවසන් කර මෘත ශරිර කොටස් පශ්චාත් මරණ පරික‍්ෂණ සදහා පානදුර රෝහලේ තබා ඇත.
මෙතෙක් කරන ලද විමර්ශයේදී මොවුන් මිය ගිය දිනයක් සම්බන්ධයෙන් අනාවරණය වි නැති අතර මෙය යම්කිසි අපරාධයක් හේතුවෙන් සිදුවුවාද යන්න පිළිබඳව පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.