ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව මැයි 22 වැනිදා පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ ඒ අවට ප්‍රදේශවලට 01 මට්ටමේ (කහ) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අනුව, නායයෑමේ අවදානමක් ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් වැඩි අවධානයකින් පසුවන ලෙසත්, අධික වර්ෂාව දිගටම පැවතුනහොත් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යාමට සූදානම් වන ලෙසත් NBRO ඉල්ලා සිටියි.
Share this: