අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 46.4කදී සියළුදෙනා දැවී රැස් කළ ලකුණු 302 හඹා ගිය මහනුවර කණ්ඩායම ඕවර 49.1දී ලකුණු 293කට දැවී ගියේය.
ඕවර 20.4කදී පළමු කඩුල්ලට ලකුණු115ක සාර්ථක ආරම්භයක් ලබාගැනීමට මහනුවර කණ්ඩායමේ කවිඳු වික්‍රමසිංහ සහ අවිශ්ක පෙරේරා සමත්වූවත් මැදපෙළ පිතිකරුවන් දැඩි පීඩනයකට හසු කළ ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා තැබූහ. ගාල්ල ඉනිමෙන් කඩුලු 5ක් උදුරා ගත් ලොහාන් ඩි සොයිසා අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 44ක් රැස් කිරීමට සමත්වූවත් ඔහුට සෙසු පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් නොලැබිණි. ගාල්ල ඉනිම වර්ණවත් කළ නවෝද් පරණවිතාන පන්දු 58කදී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමග ලකුණු 91ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් චිලාන් කළිඳු ලකුණු 74ක් රැස් කළේය. දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 147ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. පරණවිතානගේ දැවී යාමෙන් පසුව පිටියට පැමිණි නායක තවීෂ කහදුවආරච්චි ලකුණු 57ක් රැස් කළ අතර කළිඳු සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේය.
එහෙත් ඉන් පසුව ගාල්ල කණ්ඩායමේ මැදපෙළ කඩා බිඳ දැමූ ලොහාන් ඩි සොයිසා විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් කඩුලු 5ක් දවාලීමට සමත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 247දී තුන්වැනි කඩුල්ල ලෙස නායක තවීෂ දැවීයාමෙන් පසුව ඉතිරි කඩුලු 7ම බිඳ වැටුණේ ලකුණු 55ක් ඇතුළතදීය.
ගාල්ල කණ්ඩායම – 302 (ඕවර 46.4) නවෝද් පරණවිතාන 91, චිලාන් කළිඳු 76, තවීෂ කහදූවආරච්චි 57 ( ලොහාන් ඩි සොයිසා 48/5, රොහාන් සංජය 55/2)
මහනුවර කණ්ඩායම – 293 (ඕවර 49.1) කවිඳු වික්‍රමසිංහ 59, අවිශ්ක පෙරේරා 55, ලොහාන් ඩි සොයිසා 44, අබිෂේක් ආනන්දකුමාර 36 ( සඳුන් මෙන්ඩිස් 47/3 , අම්ෂි ද සිල්වා 43/2, දුලිත් වෙල්ලාලගේ 63/2)