පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා 2023.03.21 දින පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා රැස්වීමේදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
යදාමිණි ගුණවර්ධන මහතා ගාමිණී ලොකුගේ මහතාගේ නම යෝජනා කළ අතර ජයන්ත කැටගොඩ මහතා එය ස්ථිර කළේය.
මහජන පෙත්සම් කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකළ අවස්ථා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නව සභාපතිවරයා කමිටුව අමතමින් කියා සිටියේය. මහජනතාවට සාධාරණයක් ඉටුකරදීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන මහජන පෙත්සම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ බව සිහිපත් කළ සභාපතිවරයා ඒ සඳහා ඉදිරියේදීද කැපවන බව පැවසීය.
Share this: