ග්‍රහ

ග්‍රහ

බ්‍රිහත් පරාශර හෝරා ශ්‍රාස්ත්‍ර ග්‍රන්තයේ සඳහන් පරිදි ජ්‍යොතිෂය විෂය හඳුන්වාදුන් මාහා සෘෂි පරාශර මුණි තම එකම ශිෂ්‍යා වූ මෛත්‍රීට ග්‍රහයන් ගැන මෙසේ පැවසූහ.

“O Brahmin, I shall tell you about the placement of the heavenly bodies. Out of the many luminous bodies sighted in the skies, some are stars; yet some are grahas. Those that are moving are grahas and those that have no movements are the Nakshatras”

“දි‍ලිසෙන ආකාෂවස්තූ වස්තූන් විශාල ප්‍රමාණයක් ආකාශයේ වේ. අහසේ ගමන් කරන වස්තූන්ට ග්‍රහ යන නම් වන අතර ස්ථිරව ඇති වස්තූන් නක්‍ෂත්‍ර(නැකැත් තරු) නම්වේ.”

“Those that move east facing through the Nakshatras (or stellar mansions) in the zodiac, are called ‘Grahas’. The said zodiac is comprised of 27 Nakshatras commencing from Ashvini. The same area is divided in 12 parts equal to 12 ‘Rashis’ commencing from Mesha. The names of the grahas commence from Surya. The rashi rising is known as ‘Lagna’. Based on Lagna and the grahas joining and departing from each other, the person’s good and bad effects are deduced.”

“ග්‍රහ යන නාමයෙන් හැඳින්වෙන වස්තූන් නක්‍ෂත්‍ර හරහා ගමන් කරයි. මේ නක්‍ෂත්‍ර රාශි චක්‍රය තුලම වේ. එනම් රාශිචක්‍රය සමාන කොටස් 27කට බෙදූ විට එයට නක්‍ෂත්‍ර(නැකතක්) යක් යැයි කියයි. එය අස්විද නම් නැකතින් ආරම්භවේ. එම රාශි චක්‍රයම 12කට සමාන කොටස් 27කට බෙදා එයට රාශියක් යැයි කියයි. එය මේෂ රාශියෙන් ආරම්භවේ. ග්‍රහ වස්තූන් රවි නම් ග්‍රහයාගේ ආරම්භවේ. උදාවන රාශියට ලග්නය යැයි කියයි. ලග්නය හා ග්‍රහයන් පදනම් කරගනිමින් ද ග්‍රහයන් ඒකිනෙකා හා එක්වීම් හා වෙන්වීම් පදනම් කරගනිමින් ද ජන්මියාගේ හොඳ හා නරක සිද්ධ කරයි.”
මෙය මුළු ජ්‍යොතිෂ විද්‍යාව සඳහා කරන ලද විග්‍රහක් බඳුය.

ග්‍රහයන්

තාරකා විද්‍යවේදී භාවිතා වෙන ග්‍රහයන් සහ ජ්‍යොතිෂයේ භාවිතා වෙන ග්‍රහායන් යන වචනවල නිර්වචනය වෙනස් වෙන බැවින් එය අප අවබෝධ කරගත යුතු ය. ජ්‍යෝතිෂ්‍යයට අනුව අප අහසේ පෘතුවියට සාපේක්ෂව චලනය වන්නා වූ වස්තූන්(හා ගණිතමය ලක්ෂයන්) ග්‍රහ යන නාමයෙන් හැඳින්වේ. ග්‍රහ යන්න ග්‍රහණය යන්නේන් බිඳී ආ වචනයකි. මෝකෂ(නිවණ) අවබෝධයෙන් මනස ග්‍රහණය කරනා යන අරුතින් මෙම පදය යෙදේ. නැප්චූන් ප්ලූටෝ සහ යු‍රේනස් මෙසේ ග්‍රහනය කිරීමක් සිදුනොකරන නිසා වේදීය ජ්‍යෝතිෂයේදී භාවිතා නොවේ. මූලික වශයෙන් වේදීය ජ්‍යෝතිෂයේදී භාවිතා කරන ග්‍රහයන් නව‍ දෙනෙකි.

රවි
සඳු
කුජ
බුද
ගුරු
ශුක්‍ර(සිකුරු)
ශනි(සෙනසුරු)
රාහු
කේතු.
රාහු සහ කේතු(Lunar node) අනෙක් ග්‍රහන් අනෙක් ග්‍රයන් අතරවෙනසක් වේ. එනම් මෙම ග්‍රහයන් දෙදෙනා සඳුගේ හා සුර්යාගේ ක්‍රාන්ති චේදනය වීමේන් සෑදෙන ගණිතමය ලක්ෂදෙකකි. මෙම ග්‍රහයෝ සත්‍ය ලෙස ස්කන්ධයක් ලෙස නොපවතී

වේදීය ජ්‍යෝතිෂයේදී රවි සිට සෙනසුරු දක්වා ග්‍රහයනට අයත් උපග්‍රහයන් ද සිටී. එම උපග්‍රහයන් ගමන් නොකරන ලක්ෂවේ. රාහු සහ කේතු උපග්‍රහයන් යන මතයක් තිබුනද රාහු සහ කේතු යන ග්‍රහයන් ගමන් ගන්නා නිසා එම මතය නිවැරදි නොවේ.

රවිගේ පිහිටීම මත ගණනය කරන උප ග්‍රහයනට අප්‍රකාශ ග්‍රහයන් කියා කියයි. එවා පහත දැක්වේ.

ධූම
ව්යාප්ත
පරිවේෂ
ඉන්ද්රචාප
උපකේතු
දිවා හා රාත්‍රීකාල වෙන වෙනම කොටස් 8කට බෙදූ විට එක කොටසකට යාමයක් යැයි කියයි. එම යාම උදාවෙන ගෙවෙන කාළයනට අනුව සැකසූ උපග්‍රහන් යම හෙවත් කාල උපග්‍රයන් ලෙස හැඳින්වේ. එවා පහත දැක්වේ.

ගුලික
මාන්දි
කෝදණ්ඩ
යමගණ්ටක
අර්ධ ප්රහාර
මෘත්ය
පරිධි
කාල
සාමාන්‍ය ජ්‍යෝතිෂයේ දී පෘතුවි‍ය කේද්‍රකර ග්‍රහ පිහිටීම ගණනය කරයි. නමුත් සියලුම ග්‍රහයන් සූර්යා වටා ඉලිප්සීය පතයක එකාකරී වේගයකින් ගමන් කරයි. අභ්‍යාවකාශයේ(space) උතුරුකොටසේ සිට බැලූවිට සිකුරු හැර සියළුම ග්‍රහ වස්තූන් වාමාවර්තව පරිභ්‍රමණය (perambulation – තමා වටේ කැරකෙමින් යම් වස්තුවක් වටා කැරකැවීම) වේ. සිකුරු ග්‍රහයා දක්ෂිණාවෘතව භ්‍රමණය වේ. මෙම සිදුවීම ඔබ පෘතුවිය ‍කේන්‍ද්‍රකර සිතීමේ දී සඳු හැර සියළුම ග්‍රහයන් සූර්යා වටා භ්‍රමණය වන බවත් සූර්යා වටේ මේම ග්‍රහයන් භ්‍රමණය වෙන අතර තුර සූර්යා පෘතුවිය වටේ භ්‍රමණය වන බවත් සිතීම පහසු යි.
වක්‍ර වීම(Retrograde)
සියලුම ග්‍රහයන් එකම ඉලිප්සීය පතයක සූර්යා වටා ගමන් ගන්නා නිසා කිසිම විටක ග්‍රහයෙකු ආපසු ගමන් නොකරයි. නමුත් පෘතු‍වියේ සිට බලන කෙනෙකුට සමහරක් විට ග්‍රහයෙකු පෘතුවියට සාපේකෂව ආපසු ගමන් කරන බවක් පෙනේ. මෙවන් අවස්තාවකට ග්‍රහයෙක් පත්වූට ග්‍ර‍‍හයා වක්‍ර වී ඇතිබව පැවසේ. එසේ නොවන අවස්තාවේදී ඍජු ගමනේ යෙදේ. සඳු සහ රවි කිසිම විටක වක්‍රනොවන අතර කුජ, බුධ, ගුරු, ශුක්‍ර(සිකුරු), ශනි යන ග්‍රහන් විටක ඍජු ගමනේ ද විටක වක්‍ර ගමනේද යෙදේ. රාහු සහ කේතු සෑම විටම වක්‍ර ගමනේ යෙදේ.

අස්ත වීම(Cumbust)
අසුත වීම යනු ග්‍රහයෙකු පෘතුවියේ සිට බලන්නෙකුට සූර්යාට මුවා වීම නිසා නොපෙනී යාමයි. ග්‍රහයෙකු සහ පෘතුවිය අතරට සූර්යා පැමිණිම නිසා මෙය සිදුවේ. සිකුරු හැර සියළුම ග්‍රහයන් ඍජු ගමනේදී පමණක් අස්තවේ. සිකුරු දක්ෂිණාවර්තව ගමන් කරන නිසා වක්‍ර ගමනේදී පමණක් අස්ත වේ.

ග්‍රහණය(Eclipse)
සඳු, සිකුරු සහ බුධ යන ග්‍රහයන් විටක සූර්යා සහ පෘතුවිය අතරට පැමිනෙන අතර එවිට සූර්යා‍ලෝකය පෘතුවියට වැටීම සීමා වේ.
වක්‍ර ග්‍රහයන් වැඩි වශයෙන් සූර්යාලෝකය පරාවර්තනය කරයි. අස්ත ග්‍රහයා සූර්යාට මුවා වීම නිසා සූර්යාලොකය පාරවර්තනය අවම වේ.

රාහු සහ කේතු
රාහු සහ කේතු යන ඡායාග්‍රහයන් දෙදෙනා පිළිවෙලින් සර්පයෙකුගේ හිස සහ වලිගය බවට මතයක් ඇත. තවද රාහු සහ කේතු යනු අමෘතය පානය කරන ලද අසුරයෙකු වෙන් කරන ලද හිස සහ කඳ බවටද මතයක් ඇත. රාහු ලෞකික දීයුණුවද කේතු ලෝකෝත්තර දියුණුවද නිවේදනය කරයි.

කෘර සහ සෞම්‍ය(Malefic and Benefic)

ග්‍රහයන් කෘර සහ සෞම්‍ය ලෙස වර්‍ගකරන ආකාරය පාරශර මුණි පැහැදිලි කරන ලද ශ්ලෝකය පහත දැක්වේ.
තත්‍රාර්කශන භූපුත්‍රහ් ක්ෂිනේනද්‍ර රහුකේතවහ්
කෲ‍රහ් සෙසග්‍රහ සෞම්‍යහ් කෲරයුත්තෝ බධහ් කෲරහ්
අර්තය: රවි, ශනි, කුජ, රාහු, කේතු සහ දුර්වල සඳු කෲර වන අතර ‍අනෙක් ග්‍රහයන් සෞම්‍ය වේ. පාපයන් සමය එකතුවූ බුධ ද කෲර වේ.
මෙහි කෲර ග්‍රහයන් අසුභ ග්‍රහයන් ලෙස ද සෞම්‍ය යනු ශුභ ග්‍රහයන් ලෙස වරදවා වටහාගත නොයුතුය. සුභ අසුභ බව සාපේක්‍ෂ වන අතර මෙහිදී ග්‍රහයාගේ ක්‍රියා කාරීත්වය ලබාදෙන ආකාරය පිළිබඳ පමණක් කියවේ. ග්‍රහයන් ගේ ගුණ අනුව රජස් සාත්වික සහ තමස් ලෙස වර්ගීකරනය කරයි. මෙසේ තමස් ගුණයෙන් යුතු සහ කෲර ග්‍රහයන් පාපී ග්‍රහයන් වේ.
සාත්වික ග්‍රහයන් රජස් ග්‍රහයන් තමස් ග්‍රහයන්
සෞම්ය ග්‍රහයන් ගූරු, පූර්ණ සඳු බුද, සිකූරු අව සඳු
කෲර ග්‍රහයන් රවී
කුජ, ශනී, රාහු, කේතූ
කුජ, ශනී, රාහු, කේතූ සහ අව සඳු පාපී ග්‍රහයන් වේ.

ප්‍රධාන වශයෙන් රවි ආත්මයද(ජ්‍යෝතිෂයේදී ආත්ම වාදී ලෙස කරුණු විග්‍රවී ඇත)ද සඳු සිතුවිලි ද කුජ ශක්තිය ද බුද කථාව ද ගුරු ප්‍රඥාව ද සිකුරු වීර්යද සෙනසුරු දුකද සඳහා පෙනීසිටී.

උපුටා ගැනීම – Sinhala Astrology

Share this: