ගස් කැපූ 7ක් බඩුත් සමග මාට්ටු

ගස් කැපූ 7ක් බඩුත් සමග මාට්ටු

දැව ජාවාරමක නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම පිරිස දඹුල්ල රිදී ඇල්ල රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැව කැපීම සඳහා යොදාගත් යන්ත්‍ර සහ දැව ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර, සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඒ අනුව ඔවුන් අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: