ගල්අඟුරු නෞකා 13ක් සඳහා මුදල් ගෙවීම සිදුකර අවසන්ලු!

ගල්අඟුරු නෞකා 13ක් සඳහා මුදල් ගෙවීම සිදුකර අවසන්ලු!

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පැවසුවේ ගල් අඟුරු නෞකා 13ක් සඳහා මුදල් ගෙවීම මේ වන විට අවසන් කර ඇති බවයි.

12 වන නෞකාව ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, 13 වන නෞකාව ගොඩබෑමේ කටයුතු අද (19) ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා.

ගල් අඟුරු ප්‍රවාහන නෞකා 36ක් ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවද නාමල් හේවගේ මහතා පැවසීය.

මීට අමතරව ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ගල් අඟුරු සමාගම සතුව පවතින බව ලංකා ගල් අඟුරු සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: