ගම්මුන් එකතු වී තරුණයෙකුට පහර දී ඝාතනය කරයි

ගම්මුන් එකතු වී තරුණයෙකුට පහර දී ඝාතනය කරයි

දෙහිවල ප්‍රදේශයේ වායුසමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී මැයි 09 රාත්‍රියේ 27 හැවිරිදි පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ඩිල්ෂාන් රංග කුමාර නැමති තරුණයෙකි.

දෙහිවල ප්‍රදේශයේ වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පුද්ගලයන් දෙදෙනකු පැන යාමට තැත් කිරීමේදී පහර දී වළක්වා රඳවා තබාගෙන උත්සහ කිරීමේදී මෙය සිදුවූ බව සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

Share this: