ගතවූ වසර තුල ෆෙස්බුක් පැමිණිලි 150 ට වඩා වාර්තාවී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(සලර්ට්) පවසා ඇත.
එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ , ෆෙස්බුක් පැමිණිලි පසුගිය වසරේ 2250ක් වාර්තා වූ බවයි.
ඒ අතර ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සැකසීමේ සිද්ධි 250 ට වඩා ප්‍රමාණයක් වාර්තාවී ඇති බවයි.
තම පෞද්ගලික ගිණුමේ ිැඑඑසබට ආරක්ෂාව සළසා නැත්නම් හා නොදන්නා පුද්ගලයින්ව ගිණුමට එක්කර ගැනීම තුළින් තමාට අවාසි සහගත තත්වයන් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒවායින් ප්‍රවේශම් වන ලෙස රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ෆෙස්බුක් පරිශීලනය කරන්නන්ට දැනුම් දීමක් කර සිටියි.
ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය 011 2 691 692 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකි බව ඒ මහතා ප්‍රකාෂ කර ඇත.
Share this: