රාජගිරිය, ගණේමුල්ල සහ පොල්ගහවෙල යන ප්‍රදේශ වල ගුවන් පාලම් ඉදි කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
රාජගිරිය, ගණේමුල්ල සහ පොල්ගහවෙල යන ප්‍රදේශ වල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් රාජගිරිය ප්‍රදේශයේ මංතීරු 04කින් යුත් ගුවන් පාලමක් සහ ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු 02කින් යුත් ගුවන් පාලම් 02ක් ඉදිකිරීමට යෝජනා වී ඇත.
ඒ සඳහා අවශය අරමුදල් ලබාගැනීමට ස්පාඤ්ඤ රජය සමඟ ගිවිසුමකට එළඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිව ඇත.
Share this: