ගජමුතු 08 සමග සැකකරුවන් අත්අඩංගුවට

ගජමුතු 08 සමග සැකකරුවන් අත්අඩංගුවට

ගජමුතු 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල, රත්වත්ත මාවත හංදියේදි ඊයේ (05) පස්වරුවේ බදුල්ල බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව එම ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම කර ඇත.

පොලිසිය පැවසුවේ සැකකරුවන් විසින් මෙම ගජමුතු 08ලක්‍ෂ 10ක මුදලකට අලෙවි කිරිමට උත්සාහ කරමින් සිටියදි පොලිස් නිලධාරින් ගජමුතු මිලදි ගන්නා ආකාරයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවයි.

සැකකරුවන් වයස අවුරුදු 36ක් හා 19ක් වන අන්දෙණිය,බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අද (06) බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ඇත.

Share this: