ගංජා ළඟ තබාගත් සිසුවිය දඬුවමෙන් නිදහස්

ගංජා ළඟ තබාගත් සිසුවිය දඬුවමෙන් නිදහස්

17 හැවිරිදි පාසල් සිසුවියකට ගංජා ළඟ තබාගැනීමේ වරදට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබු සිරදඬුවමක් පළාත්බද මහාධිකරණය විසින්, බල රහිත කර ඇත.

ගංජා ග්‍රෑම් 510ක් ළඟ තබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබු අදාළ සිසුවියට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් දින 250ක අනිවාර්යය සිරදඬුවමක් සහ රුපියල් 6000ක දඩයක් නියම කර තිබුනු අතර, මේ සම්බන්ධයෙන් නීතීඥවරියක් මාර්ගයෙන් අදාළ සිසුවිය අම්පාර මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුනි.

ඒ අනුව අභියාචනය සැලකිල්ලට ගත් අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව ළමයාගේ උපරිම යහපත කෙරෙහි අවධානය යොමුකරමින් අදාළ දඞුවම් බල රහිත කර ඇත.

ඒ වෙනුවට එම සිසුවිය වසර දෙකක කාලයක් පරිවාස භාරයට පත්කර පුනරුත්ථාපනය කිරීමට නියම කර ඇති විනිසුරුවරයා රුපියල් 6000ක දඩ මුදල රජයේ ගාස්තුවක් බවට පත් කිරීමට ද නියෝග කර ඇත.

Share this: